සාදරයෙන් පිළිගනිමු
සෞඛ්‍ය අමාත්‍යාංශය

මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්, උසස් තත්ත්වයේ සත්කාර ලබා දීමටත්, අනාගත පරපුර සඳහා සෞඛ්‍ය සේවා පද්ධතිය ආරක්ෂා කර දීමටත් අපි ප්‍රතිඥා දෙන්නෙමු. සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත විශිෂ්ට වූත්, ප්‍රශස්ත වූත්, ලාභදායී වූත්, එමෙන්ම, කාලානුරූප වූත් සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සලසා දෙනු ලබන බවට වග බලා ගැනෙන සමස්ත වගකීම් සහතිකය අපි ඔබට ලබා දෙන්නෙමු.

ඉතිහාසය

ශ්‍රී ලාංකා වෛද්‍ය කර්මයේ විකාශනය

ශ්‍රී ලංකාවල විවිධ පුද්ගලයන් විසින් විවිධ නම්වලින් හඳුන්වනු ලැබී ය. එය පැරණි සිංහලයන් විසින් ලංකාව ලෙස ද, ග්‍රීක ජාතිකයන් විසින් තැප්‍රොබේන් ලෙස ද, අරාබි ජාතිකයන් විසින් සෙරන්ඩිබ් ලෙස ද, පෘතුගීසී ජාතිකයන් විසින් සෙයිලායෝ ලෙස ද, ලන්දේසි ජාතිකයන් හා ඉංග්‍රීසි ජාතිකයන් විසින් සිලෝන් ලෙස ද හඳුන්වනු ලැබ ඇත. 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමග, එහි නාමය නිල වශයෙන් ශ්‍රී ලංකාව ලෙස වෙනස් විය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ දේශීය වශයෙන් ආවේණිකව පැවති අභ්‍යන්තර සහ බාහිර සාධක කීපයක සංශ්ලේෂණයකින් සමන්විතව හැඩගැසී ඇත. ශ්‍රී ලංකාව දූපතක් වන බැවින්, වෛද්‍ය විද්‍යාවට බලපෑම් කරන බාහිර බලවේගවලින් බොහෝ දුරට එය පරිවරණය වී ඇත. රෝගය යන්න මානව වර්ගයා තරමටම ඉපැරණි එකක් වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා, ඔවුනට වැළඳෙන රෝග තත්වයන් හමුවේ ඖෂධ පැළෑටි සහ වෙනත් ඖෂධ වර්ග වෙසෙසින්ම භාවිතය සඳහා යොදා වූ තමාගේම රෝග සත්කාර ප්‍රවේශයක් පරිණාමනය කර පිළිපදින්නට ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන වකවානු තුළ එහි වෛද්‍ය ඉතිහාසය ප්‍රධාන ඓතිහාසික කාල පරිච්ඡේදවලට බෙදිය හැකි ය. එනම්, පෞරාණික වෛද්‍ය විධික්‍රම, ශ්‍රී ලංකාවේ රජවරුන් යටතේ වෛද්‍යවේදය, පෘතුගීසි යුගය සහ ලන්දේසි යුගය යනුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති තරම් ය. රාමායනය තුළ කීර්තිමත්භාවයට සපැමිණි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික නරේන්ද්‍රයෙකු වන රාවණා රජතුමා, වෛද්‍ය විද්‍යාව පිළිබඳව හසළ දැනුමක් ඇති අයෙකු බවට පාරම්පරිකව විශ්වාස කරන්නා වූ කාරණයකි. ශ්‍රී ලංකාව, එහි ලිඛිත ඉතිහාසය ආරම්භයේ සිට 1815 දී ඉංග්‍රීසින් උඩරට රාජධානිය යටත් කර ගන්නා තෙක්ම, ස්වදේශික රජවරුන් විසින් පාලනය යටතේ පැවතියේ ය. මෙම කාල සමයන් තුළ පැවති වෛද්‍ය ක්‍රමයේ ව්‍යුහය පිළිබඳ සැලකිය යුතු තොරතුරු සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ලබාගත හැකි ය. ඉපැරණි වංශකථාව වන මහාවංශය, එවැනි තොරතුරුවල වඩාත්ම පිරිපුන් තනි මූලාශ්‍රය බවට සැකයක් නැත. ඒ කාල වකවානු තුළ රෝහල් කීපයක්ම ස්ථාපිතව පැවතුණි. පෘතුගීසීන් මුලින්ම කොළඹට පැමිණියේ 1505 වසරේ දී ය. එකල, පෘතුගීසීන් විසින් ප්‍රගුණ කළ වෛද්‍ය විද්‍යාව සම්පූර්ණයෙන්ම අපරදිග ආරයේ නොවූයේ, එයට පෙරදිග නැඹුරුවක් ද තිබූ බැවිනි. ඔවුන්ගේ ඖෂධීය දැනුම පිළිබඳ ඇතැම් ගුණාංග ස්පාඤ්ඤයීය යෝනක ජාතිකයන් වෙතින් උකහා ගනු ලැබූ ඒවා ය. ඒ ලංකාවේ පෘතුගීසි යුගයයි. එම යුගයෙන් පසු ලන්දේසි සමය ආරම්භ වියග 1656 වසරේ දී දීර්ඝ කාලයක් පුරා පැවති සටන් සහිත කොළඹ වටලෑම පරාජය කරමින් ලන්දේසීහූ සමුද්‍රීය පළාත් අත්පත් කර ගැනීම සම්පූර්ණ කළහ.

ලන්දේසීන් දේශීය වෙදකම විෂයයෙහි සිදු කළ බලපෑම පෘතුගීසීන්ට වඩා ඉහළ තලයක පැවතියේ ඉතා සුළු පරිමාණයකින් පමණි. ඔවුන් පෘතුගීසීන්ට වඩා රෝහල් ගොඩනගා ගත් අතර, එය දල පෙරළා ඔවුන්ගේ යුද හමුදාවන්ටල නාවිකයින්ට සහ රටේ අනෙකුත් ලන්දේසි ජාතිකයින්ට සේවය කිරීමේ අරමුණින් තැනූ ඒවා විය. මූලෝපායික ආරක්ෂක හමුදා රඳවා සිටි නගරවල රෝහල් ස්ථාපිත කරන ලද අතර ඒවායින් ඇතැම් නගර ආශ්‍රිතව නාවික වරායන් ද පිහිටියේ ය. බ්‍රිතාන්‍යයන් විසින් 1796 වසරේ දී ලන්දේසීන් සතුව පැවති සමුද්‍රීය පළාත් අල්ලා ගන්නා ලද අතර ඔවුහූ 1815 දී උඩරට රාජධානිය ද තම පාලනයට නතු කර ගනිමින් ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා තෙක් 1948 වසර දක්වා රට පාලනය කළහ. බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාවේ මුල් අවධියල හමුදා සහ සිවිල් සෞඛ්‍ය යන ආයතන දෙකම පාලනය කළ ඔවුන්ගේ හමුදා පලනයටම අයත් විය. 1858 දී වෙනම සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුවක් පිහිටුවීමත් සමග, හමුදා පාලනයකින් තොර දෙපාර්තමේන්තුවක් මගින් සිවිල් වැසියන්ට වෛද්‍ය පහසුකම් සපයන නව අදියරක් බිහි විය. බ්‍රිතාන්‍ය ජාතිකයන් දේශීය ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් බෙහෙවින් සැලකිලිමත් විය. ආණ්ඩුකාරවරු කිහිප දෙනෙක්, ව්‍යවස්ථාදායක සභාව අමතා කරන ලද තම දේශනවල දීල ජනතාවගේ සෞඛ්‍යය විෂයයෙහි ඔවුන්ගේ ඇති උත්සුකභාවය විදහා දැක්වූහ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය
සී. ජී. ඌරගොඩ විසිනි.
අපගේ දැක්ම

"ආර්ථික, සමාජීය, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයට දායක වන නිරෝගී ජාතියක් බිහිකිරීම"

අපගේ මෙහෙවර

"ශ්‍රී ලාංකීය ජනතාව වෙත සලසා දිය හැකි සහ ඔවුනට ප්‍රවේශ විය හැකි උසස් තත්ත්වයේ ප්‍රවර්ධනාත්මක, රෝග නිවාරක, රෝග සුවකාරක හා පුනරුත්ථාපනීය සේවා හරහා සාක්ෂාත් කර ගත හැකි ඉහළම සුවතා මට්ටම ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීම"

ප්‍රජා සෞඛ්‍යය නඩත්තු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් බල ගැන්වීම
භාරකාරත්ව කළමනාකරණ කාර්යයන් ශක්තිමත් කිරීම
විස්තීර්ණ සෞඛ්‍ය සේවා සලසා දීමේ ක්‍රියාදාම වැඩි දියුණු කිරීම
මානව සම්පත් කළමනාකරණය වැඩි දියුණු කිරීම
Strategic Objectives

The main objective of the Health Development Master Plan of improving health status and reducing inequalities will be achieved by implementing strategic objectives, These are;

  1.  To provide technical advice in policy formulation, planning and programming on promotion of health through Advocacy, Behavior Change Communication, Social Marketing and Community Mobilization.
  2. To support various health programmes conducted by the Department of health services and other health related sectors through advocacy, behavior change communication and social mobilization for health actions.
  3. To promote, support and undertake planning, implementing, monitoring and evaluation of health promotion programmes in different settings.
  4. To promote health care consciousness among the masses through mass media.
  5. To assist and develop IEC / BCC materials required for health promotion and behavior change communication
  6. To develop the capacities of manpower, both within and outside the department of health services in order to act as health promoters and change agents through advocacy, behavior change communication and social mobilization.
  7. To educate and empower the public on health issues, to enable them to increase control over and promote individual and community health.
  8. To coordinate with health related governmental, non governmental and international agencies and organization in promoting health of people.
  9. To develop managerial capacities of health and health related sectors to manage health promotive programmes
  10. To monitor and evaluate health promotive programmes and facilitate monitoring and evaluation of them at different levels.
  11. To support and undertake research related to Behavior change of the community and social mobilization.

 

ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශය පිළිබඳ දළ විශ්ලේෂණය

රෝග වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම සඳහාත්, ශ්‍රී ලාංකික ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් රජය, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන්, ජාත්‍යන්තර ආයතන සහ වෙනත් අදාළ ආයතන සමග අපි සහයෝගයෙන් යුතුව කටයුතු කරන්නෙමු. සෞඛ්‍ය සම්පන්න ජාතියකට මග පාදන ප්‍රතිපත්ති සහ භාවිතයන් සැලසුම් කිරීම සඳහා සහය වනු පිණිස විද්‍යාත්මක කරුණු සහ වෘත්තීය උපදෙස් ලබා දීමේ පහසුකම් අප විසින් සබල කරන්නෙමු. අපගේ මහජන සෞඛ්‍ය පද්ධතියල රෝග නිවාරක හා රෝග සුවකාරක ආයතන ද ඇතුළු ආයතන ජාලයකින් සමන්විත වන පරිදි දීප ව්‍යාප්තව පිහිටා ඇත,

රජයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය වීම හා උපදෙස් දීම අප සතු කාර්යභාරයක්ව පවතී. සෞඛ්‍ය සහ සත්කාරක කාර්ය රාමුවේ භාරකරුවන් ලෙස ක්‍රියා කිරීමේ වගකීම අපි භාර ගෙන සිටින්නෙමු. ව්‍යවස්ථාමය, මූල්‍යමය, පරිපාලනමය හා ප්‍රතිපත්තිමය කාර්ය රාමු ක්‍රියාකාරීව පවතින බවටත්, ඒවා එකිනෙකට එක්ව කටයුතු කරන බවටත් අපි සහතික වන්නෙමු.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බටහිර ඇලොපති සහ අනෙකුත් සම්ප්‍රදායික ක්‍රම වලින් සමන්විත වන අතර, ජනගහනයෙන් බහුතරයක් බටහිර ඇලොපති සේවය ලබාගනී .

1858 දී සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීමත් සමග රජයේ සෞඛ්‍ය සේවා ආරම්භ විය. දැනට, තෘතීයික සහ ද්විතියික සත්කාර ආයතන, ප්‍රාදේශීය රෝහල් :බාහිර රෝගී සහ අභ්‍යන්තර ප්‍රතිකාර- සහ බාහිර රෝගී සත්කාර සපයන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක ජාලයක් මගින් රෝග සුවකාරක සේවා සපයනු ලැබේ.

රෝග සුවකාරක සත්කාරය, බාහිර රෝගීන්ට පමණක් සැපයෙන පහසුකම් සහ ප්‍රාථමික සත්කාර ආයතනව, සිට තෘතීයික සත්කාර ආයතන හා ධූරාවලි ජාලයකට අනුව සංවිධානය කර ඇති විශේෂිත රෝහල් දක්වා වූ විවිධ මට්ටම් වලින් සමන්විත වේ. ඒවා මගින් පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සැපයේ.

1926 දී සෞඛ්‍ය ඒකක පද්ධතිය නිර්මාණය කිරීමත් සමග රෝග වැළැක්වීමේ සේවාවන් ප්‍රතිසංවිධානය කරන ලදී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ ඔහුගේ කණ්ඩායම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය ඒකක හරහා රෝග සුවකාරක සේවා සපයයි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි භූගෝලීය වශයෙන් නියම කර දක්වා ඇති ප්‍රදේශ 354 ක් හරහා නිවාරණ සෞඛ්‍ය සත්කාර සේවා සපයනු ලැබේ. සෑම ප්‍රදේශයක් සඳහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු සහ ප්‍රජා පාදක වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මනාව නිශ්චිත කරන ලද රෝග නිවාරණ සේවා පෙළගැස්මක් සපයා දෙනු ලැබේ. ඖෂධ සහ රසායනාගාර පහසුකම් ද ඇතුළුවල රජය විසින් අදාළ සේවා සලසන ස්ථානයේ දීම සපයනු ලබන සියලුම සේවාවන් ගාස්තු රහිතව නොමිලේ ලබා ගත හැකි වේ.

මීට අමතරවල සන්නද්ධ හමුදාල පොලිසිය සහ බන්ධනාගාර සඳහා වෙනම සේවා පහසුකම් ලබා ගත හැකි වේ.

ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය ප්‍රමිතියක් අත්කර ගෙන තිබුණි. ඵලදායී මාතෘ සහ ළමා සෞඛ්‍ය සත්කාර පද්ධතියක් තුළින් ළදරු මරණ අනුපාතිකය, නවජන්ම මරණ අනුපාතිකය, වයස අවුරුදු 5 ට අඩු මරණ අනුපාතිකය සහ මාතෘ මරණ අනුපාතිකය යන තත්ව විෂයයෙහි සැලකිය යුතු දියුණුවක් ලබා ඇත. එසේ නමුත් පසුගිය දශකය තුළ, එම තත්වයන්හි පහත වැටීමේ වේගය අඩු වී ඇත. ශ්‍රී ලංකාව තුල පෝලියෝ හා නව ජන්ම ටෙටනස් යන රෝග තුරන් කර ඇති අතර, අන්තර්ජන්ය මැලෙරියාව, බරවා හා සරම්ප යන රෝග බැහැර කිරීමේ තත්වය ලබාගෙන ඇත. තවද ප්‍රතිශක්තීකරණ පුළුල් වැඩසටහන මගින් ආවරණය වන අනෙකුත් රෝග තුරන් කිරීමේ ආසන්න මට්ටම කරා ළඟාවී ඇත. 

සෞඛ්‍ය ආරක්ෂණය විෂයයෙහි රෝහල්ගත කරනු ලබන බහුතරයක් (95% ක්) රාජ්‍ය අංශය හරහා සිදු කෙරෙන අතර බාහිර රෝගී සත්කාරවලින් අඩක් පෞද්ගලික අංශයෙන් සිදු කෙරේ.

කලට වේලාවට සහ නියමිත ස්ථානයේ දී උසස් තත්ත්වයෙන් යුත් තිරසාර සත්කාර සැපයීමල අදාළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ තාක්ෂණය අනුව පරිවර්තනය වීම යන වැඩ පිළිවෙළ තුළින් සෞඛ්‍ය ආරක්ෂණයේ ප්‍රතිඵලය ඉහළ තලයක් කරා ගෙන ඒම අපගේ ප්‍රමුඛතා අතරට ඇතුළත් වේ.

සෞඛ්‍ය ප්‍රතිපත්තිය
වැඩිදුර කියවන්න >>
ප්‍රධාන සෞඛ්‍ය සැලැස්ම
වැඩිදුර කියවන්න >>
උපායමාර්ගික සෞඛ්‍ය සැලැස්ම
වැඩිදුර කියවන්න >>
වාර්ෂික සෞඛ්‍ය සංග්‍රහය
වැඩිදුර කියවන්න >>
කාර්ය සාධන හා ප්‍රගති වාර්තාව
වැඩිදුර කියවන්න >>