7th අප්‍රේල් 2025
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින්, ඩිජිටල්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) ක්‍රියාත්මක කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ අතර, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහයෝගී අවස්ථා ගවේෂණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමට එක් විය.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරු ඒකකය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ වත්මන් ඩිජිටල් පරිවර්තන සැලැස්ම, අඛණ්ඩ මුලපිරීම් සහ අනාගත ඉලක්ක මෙහි දී ඉදිරිපත් කරන ලද අතර, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් විසින් ජාතික ඩිජිටල්කරණ උපායමාර්ග සහ සෞඛ්‍ය සේවා අංශය සඳහා එහි යෙදවුම් පිළිබඳ ව මෙහිදී දැනුවත් කරන ලදි. ඩිජිටල්කරණයේ දී මුහුණදීමට සිදුවන අභියෝග, දත්ත ආරක්ෂාව, පද්ධතිවල අන්තර් ක්‍රියාකාරිත්වය, ධාරිතා වර්ධනය සහ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් පුළුල් ජාතික ඩිජිටල් උපාය මාර්ගයට ඒකාබද්ධ කිරීම ප්‍රධාන මාතෘකා මුලික කරගනිමින් මෙහි දී සාකච්ඡා සිදු විය. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුකූලව, සෞඛ්‍ය සේවා අංශයේ ඩිජිටල් පරිවර්තනය සඳහා ව්‍යුහගත සහ උපායමාර්ගික ප්‍රවේශයක් සහතික කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුර්ණ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම මුලපිරීම මෙහෙයවනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන්, කාර්යක්ෂමව සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ සියලු ම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිඵල සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙන බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලද අතර, මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල මත පදනම් ව තවදුරටත් සහයෝගී මුලපිරීම් සහ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද පැවසී ය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සහ අමාත්‍යාංශ දෙකෙහි ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.