ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම

රජය, මහජන සෞඛ්‍යය සහ සෞඛ්‍ය සේවා හවුල්කරුවන් සමග එක්ව රෝග වැළැක්වීම සහ සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කිරීම උදෙසා අපි කටයුතු කරන්නෙමු. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව මාර්ගෝපදේශකත්වය අපි සපයන්නෙමු. බෝවන රෝග පැතිරීම සහ පාරිසරික සිදුවීම් නිරීක්ෂණය කිරීමල ඒ සඳහා සූදානමින් සිටීම, එවා අනාවරණය කර ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම අප විසින් සිදු කරන්නෙමු. දුම්පානයල සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම සහ ශාරීරික අක්‍රියතාව වැනි ගැටලු සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම පිණිස අපි ප්‍රයත්න දරන්නෙමු.

අපගේ අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කුසලතා, ධාරිතාව සහ නිපුණතා වැඩිකර ගැනීම පිණිස මග සලසමින් හෙට දින මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම උදෙසා ඔවුන්ව සූදානම් කරයි. අපගේ විශේෂඥයින් විසින් ප්‍රතිශක්තිකරණය, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍යය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, ආසාදන වැලැක්වීම සහ පාලනය සහ ඉදිරියේ දී විය හැකි සෞඛ්‍ය හදිසි අවස්ථා වැනි ක්ෂේත්‍රවල නියැලි සෞඛ්‍ය වෘත්තිකයන් වෙත ඒ හා බැඳි සාක්ෂි සහ පර්යේෂණ සොයාගැනීම් සපයනු ලබයි. අපගේ පර්යේෂණ හරහා සෞඛ්‍ය ප්‍රතිපත්ති, සායනික හා මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ රසායනාගාර විද්‍යාවන් කෙරෙහි රටේ අභිවර්ධනය උදෙසා වූ යහපත් බලපෑමක් ඇති කරයි.